දියවැඩියාවෙන් බේරෙන්න පැණි පලා

දියවැඩියාවෙන් බේරෙන්න පැණි පලා

0 2047

මධුමේහය නොහොත් දියවැඩියාව අද ශ්‍රී ලංකාවේ  බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයකි. එනිසාම එම රෝගීන් සඳහා සීනි භාවිතය වෙනුවට විවිධවූ කෘත්‍රීම සීනි ආදේශකයන් වෙළඳපල තුළ සීග්‍රයෙන් ප්‍රචලිතව පවතී.

නමුත්  සීනි  මෙන් දියවැඩියා රෝගීන් කෙරෙහි කිසිඳු අහිතකර බලපෑමක් සිදු නොකරන සීනිවලට සාපේක‍ෂව  තුන්සීයක් හාරසියක් තරම්  ප්‍රමාණාත්මක ප්‍රණීත ගුණයකින් යුතු රසවත්කමින් පොහොසත් ස්වභාවික ස්ටෙවියා රිබදනියා බර්තෝනි නම් ශාකයේ කොළ හෙවත් පත්‍ර වියලා කුඩුකර  සිනි මෙන් භාවිතයද (පවුඩර්) එම ශාකයේ කොළවල සාරය මිරිකා පෙරා ගැනීමෙන්  දියර වශයෙන්ද භාවිතා කල හැකිය.

බොලිවියා රාජ්‍යය නිජබිම කරගත් දකුණු ඇමරිකා රටවල දක්නට ඇති මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකය වර්තමානයේ ශ්‍රී ලංකාවේ වගාකර  සීනිවෙනුවට භාවිතා කරන ස්වභාවික ආදේශකයක් වශයෙන් ප්‍රයෝජනයට ගන්නා  එම ශාක වගාකර පැල අලෙවිය සිදුකරන තරුණ යුවලක් කෑගල්ල ගනේතැන්න ප්‍රදේශයදී අපට හමුවිය.

කෑගල්ල ගනේතැන්න ප්‍රදේශය පදිංචි කෙනත් කිරිවන්දෙණිය මහතා සහ ඔහුගේ බිරිඳවන කේ. එම්.ඩබ්ලිව්.එන්.ද සිල්වා ආයුර්වේද වෛද්‍යවරියද ස්ටෙවියා රිබදූනියා බර්තෝනි ශාකය වගාවක් වශයෙන් සිදුකර සීනි මෙන් භාවිතය සහ එම ශාකයේ පැල අලෙවි කරන්නීය.

මේ පිළිබඳව අප එම දෙපලගෙන් විස්තර විමසූ අවස්ථාවේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු  සහ ව්‍යාපාරික වගාකරුවෙකු වන කෙනත් කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසුවේය. ඔහුගේ  දුරකථනය – 077-077-89-30

අප මෙම ‘ස්ටෙවියා රිබදනියා බර්තෝනි‘ ශාකය වගාකිරීමට යොමුවූයේ අහම්ඛෙන් වුවත් අපට ඒගැන විස්තර මුලින්ම කීවේ ඕස්ට්‍රේලියාවේ සිටින මිතුරෙක්. ඔහු අපට පැල කීපයක්ද  දුන්නා. අපට එම පැල වර්ධනයවූ පසුව අතු වලින් තවත් පැල ව්‍යාප්තිය සිදුකරගන්නට හැකිවුණා. මෙවර සිංහල අලුත් අවුරුද්දට අපි වැලිතලප හැදුවේ මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාඛයේ  කොළ මද පවනේ වියළිමෙන් පසුව බ්ලෙන්ඩරයක් මගින් ඇඹරීමෙන් ලබාගත්  පිටිවලින් යැයි ඔහු අප සමග පැවසුවේය.

මේ ශාකයේ කොළ සාමාන්‍ය තෙත් වියළි පරිසරයක මඳ පවනේ ස්වභාවික හිරුඑලියට විවෘත තැබීමෙන් වියළා ගත හැකියි. එසේ එම කොළ වේළාගැනීමෙන් පසුව තරමක් තදවියළි කොළ පැහැයට පැමිණි පසුව ගෘහස්ථ පරිසරයේදීම සරල ක්‍රමයකට අඹරා කුඩුකර පිටි බවට පත් කරගැනීමෙන් පසුව සීනි මෙන්  එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකියි.  තේ සහ වෙනත් පලතුරු බීම වැනි රසවත් පාන වර්ග සඳහාත් පැණි රස කෑම වර්ග රසකැවිලි ආදියට සීනී වෙනුවට යොදාගත හැකි කදිම ස්වභාවික ආදේශකයක් බව මේ පිළිබඳව විස්තර කළ ඔවුහු කීහ.

ජපානය ඕස්ට්‍රේලියාව චීනය ජර්මනිය ඉන්දියාව නවසීලන්තය වැනි ලෝකයේ බොහෝ රටවල වෙළඳෙපාළේ  මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ කොළ නොහොත් පත්‍රවලින් ලබාගන්නා වියළිකුඩු නැතිනම් පවුඩර් මිශ්‍රනය හෝ එම ශාකයේ  පත්‍රවලින්  සාදාගත් දියරය සීනි ආදේශකයක් වශයෙන්  ගෙන පානීය බීමවර්ග රසවත් කෑම ටොපි සහ එවැනි රසකැවිලි වර්ග නිෂ්පාදනයේදී රසකාරකයක් වශයෙන් භාවිත කරයි.

ජපානය වැනි රටවල බොහෝ සෙයින් භාවිතාවන මෙය එරට වෙළඳ පොළේ සීනි වෙනුවට භාවිතා කරන ආදේශක රසකාරකයක් වශයෙන් අලෙවියද සිදුකරයි. ඇතැම් රටවල් සිනි වෙනුවට රසකාරකයක් වශයෙන් නිෂ්පාදනය කර අපනයනයද සිදු කරනු ලබයි. දන්තාලේප සහ සමහර සූකිරි වැනි දේවල් සහ ඖෂධ වර්ග නිෂ්පාදනයටද මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ වියළි කොළවලින් ලබාගන්නා කුඩු හෙවත්  පවුඩර් හෝ පැණිරස දියරය සමහර රටවල් විසින්  යොදාගනු ලබයි

මේ පිලිබඳව වැඩිදුර විස්තර සීනි හා සාපේක‍ෂව කෙතරම්දුරට මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි නම් ශාකයේ භාවිතය ව්‍යාප්තිය සහ ගූණාත්මක බව සම්බන්ධව විද්‍යාත්මක විස්තරයක්  එවන් දේ පිළිබඳ ප්‍රමාණික සහ විද්‍යාත්මක දැනුමක් ඇති කෘෂි විද්‍යා මහාචාර්ය පියල් මාරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මේ සම්බන්ධ තෙරතුරු ඉදිරිපත් කලේ මෙසේය

අඩි හයක් පමණ උසැති මේ ශාකයේ කොළ දීප්තිමත් තද පැහැයක් ගනියි. stevia rebaudiana bertoni යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය කොලවල ඇති පැණි රස නිසාම එය මෙරට උදවිය පැණි පලා යයි හඳුන්වන නමුත් මෙය අපගේ දෙAශීය ශාකයක් නොවන නිසා වඩාත් උචිත වන්නේ ඊට හිමි විද්‍යාත්මක නාමයෙන් මෙය හැඳින්වීමයි. මෙම ශාකය සූරියකාන්ත කුලය ශාක ප්‍රභවයකි. ඉංග්‍රිසියෙන් සුගර්ලීෆ් ස්වීට්ලීෆ් යනුවෙන්ද හින්දි බසින් මධුපත්‍රී, ශත පත්‍ර වශයෙන්ද සංස්කෘත බසින් සෞම්‍ය ගන්ධ නමින්ද හඳුන්වයි.

මෙහි ඇති සුවිශේෂිතාව නම් සීනිමෙන් මිනිස් සිරුරට අහිතකර නොවීම සහ සීනි වලට සාපේක‍ෂව තුන්සියයක් හාරසියයක් වරක් පමණ ප්‍රණිත රසයෙන් අනූනවීමයි.

දකුණු ඇමරිකා  රටක් වන බොලීවියා රාජ්‍යය මෙම ශාකයේ නිජබිම වශයෙන්  හැඳින්විය හැකියි. නිවර්තන හෙවත් උෂ්ණ කලාපීය රටවල ව්‍යාප්තිය සහිත මෙම ශාකය වගාකිරීම සිදුවන්නේ අතු කැබලි සහ බීජ මගිනි. වගාව සඳහා වඩා ඵලදායක වන්නේ අතුකැබලි මගින් පැල බෝකරගැනීමයි. බීජ ව්‍යාප්තිය එතරම් සාර්ථක ප්‍රතිඵල නොදෙන අසීරු දුෂ්කර කාර්යයකි. ත‍ම් ස්ටෙවියා ශාකය වගා කිරීමට යෝග්‍ය වන්නේ වැලි සහිත ජලවහනය හොඳින්   සිදුවන ලෝම පසයි. වගාබිම් සඳහා යෝග්‍ය පසේ පී එච් අගය 6.5 ත් 7.5  අතර වෙයි. මෙම ශාකය මල් කොළ ආදිය  විවිධ රටවලදී සුළුවශයෙන් වෙනස්කම් සහිත  ස්වභාවයක් දැකිය හැකියි.

වගාකරන ඇතැම් රටවල් පටක රෝපණය මගින් ලබාගන්නා පැලද වගා කරනු ලබයි ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ ශාක විශේෂ වර්ග 240 ක් පඹණ ලොව පුරා ව්‍යාප්තව පවතී. එයින් ශාක ප්‍රභේද 90ක් පමණ විවිධ වූ දේශගුණික තත්වයන් යටතේ වගාකළ හැකියි එම ප්‍රභේද අනුවර්තනයවී ඔරොත්තුදී වර්ධනයවීමේ හැකියාවෙන් යුතුයි. දීර්ඝ කාලීනව  කළ පර්යේෂණ මගින් මෙසේ ශාක ප්‍රභේද එකිනෙකට වෙනස් දේශගුණි තත්වය්ට සුදුසු අයුරින් වැඩිදියුණුව ඇත

සාමාන්‍යයෙන් උතුරු පැරගුවේ වගා බිමක අස්වැන්න නෙළීම වසරකට තෙවරක් හෝ සිවු වරක් සිදුකරනු ලබයි. අතු කැබලිවලින් පැළ ලබාගැනීමේදී කපාගත් අතු කැබලි කැපූ දින සිට දින 25ක් -30 ක් ඉක්මයානොදී සිටුවීමන් හොඳින් වර්ධනය වන පැළ ලබාගත හැකියි. පැළ ලබාගැනීමට අතු කැපීමට සුදුසු කාලය වන්නේ පෙබරවාරි මාර්තු මාසයන්හිදීය.

මේ ශාකයෙA මල් හටගැනීම නොවැම්බර් මාසයදී ආරම්භවේ. ඉතා කුඩා නමුත් ප්‍රිය උපදවන පෙනුමක් ඇති ලා දම් පැහැයට හුරු සුදු පැහැ මලක් දකින්නට හැකිවෙයි

මුල් කාලීනව ලතින් ඇමරිකා  වැසියන් තම ආගමික විශ්වාස ඇදහිලි චාරිත්‍රවලදී පූජාවන් සඳහා මේශාක කොටස් යොදාගෙන ඇත.  යනුවෙන් මේ පිලිබඳව බොහෝ දුරට  විස්තර කළ මාරසිංහ මහතා පැවසුවේය

දකුණු ඉන්දියාවේද කෝවිල්වල ගණ දෙවියන් උදෙසා පූජා පැවැත්වීමේදී මේ ශාකය ප්‍රයෝජනයට ගනු  ලබන බව වාර්තාවේ.  ඔසු ගුණය සම්බන්ධව එතරම් විද්‍යාත්මකව සනාථවූ ප්‍රබල සාධක නොවූවත් විවිධ රටවල  පාරම්පරික සම්ප්‍රදායික ප්‍රතිකර්මවලදී ඖෂධ වශයෙන් භාවිතා කරයි. ඒ අනුව චීනය ජපානය ඇතුුඵ ලොව රටවල් බොහොමයකදී දියවැඩියාව සහ අඩු රුධිර පීඩනය ඇති රෝගීන්ගේ රුධිර පීඩන තත්ව ක්‍රමවත් කිරීමේ ගූණයක් ඇතිබව මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ කොලවල සාරය භාවිතා කරන බව අන්තර්ජාල තොරතුරුවලින් කියවේ. එසේම සමේ රෝග තත්වයන් වැලැක්වීමටත් දත්මුල් ඉදිමීටද මෙය ආරක‍ෂණ ගුණයකින් යුතු විශේෂ ඔසුවක් බවටද විවිධ රටවලින් වාර්තාවී ඇත

වටිනා ආහාර නිෂ්පාදනයක් වශයෙන් මේ සීනි ආදේශක ස්ටෙවියා රිබදූනියා බර්තෝනිහි වටිනාකම 2006 වසරදී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට හා අවධානයට යොමුව ඇත. 2012 වසරදී සීනි ආදේශක රස කාරක ගුණයකින් යුතු නිෂ්පාදනයක් වශයෙන් බටහිර රටවල සුපිරි වෙළඳ සංකීර්ණයන්හි අලෙවිය ආරම්භ විය.