ඩීසල් විෂ දුම නිසා පෙනහළු පිළිකා අවදානමක්‌

ඩීසල් විෂ දුම නිසා පෙනහළු පිළිකා අවදානමක්‌

ඩීසල් වාහනවලින් නිකුත් වන විෂ දුම හේතුවෙන් පෙනහළු පිළිකා හා නිදන්ගත පෙනහළු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ලැබෙන බව රත්නපුර මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දන එන්. කුලතුංග මහතා පෙන්වා දෙයි.

 

තරුණ පරපුර දුම්බීමෙන් ඈත්වීමේ ප්‍රවණතාවක්‌ද ඇති නමුත් පරිසර දූෂණය නිසා බෝ නොවන රෝගවල අඩුවක්‌ දක්‌නට නොමැති බවද ඔහු සඳහන් කළේය.

 

දුම්බීම නිසා පෙනහළු රෝග ඇතිවන බව සත්‍යයක්‌. දැන් බොහෝ දෙනෙක්‌ දුම්පානයෙන් ඈත් වෙලා. එහෙම වුවත් පෙනහළු රෝගවල අඩුවක්‌ දක්‌නට ලැබෙන්නේ නෑ. මේ පිළිබඳව කරන ලද පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඩීසල් වාහනවලින් නිකුත් කෙරෙන දුම පෙනහළු පිළිකා හා පෙනහළු රෝග ඇති කරවීමට හේතු වී ඇති බවයි.

 

මේ නිසා නාගරිකව හා ප්‍රධාන මාර්ග ආසන්නයේ පදිංචි අයටත් නගරයේ පාසල්වල දරුවනුත් පෙනහළු රෝගවලට ගොදුරු වීමේ දැඩි අවදානමක්‌ පවතින බව පර්යේෂණවලින් තහවුරු වී ඇති බවද වෛද්‍ය කුලතුංග මහතා පෙන්වා දුන්නේය.