‘හනුමන්’ දෙවියන්ට අධිකරණ නියෝගයක්

‘හනුමන්’ දෙවියන්ට අධිකරණ නියෝගයක්

0 213

උසාවියක් විසින ‘හනුමන්’ දෙවියන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. හනුමන් දෙවියන් අධිකරණය ඉදිරියට කැඳවනු ලැබ තිබෙන්නේ එතුමන් නමට කැප කරනු ලැබ ඇති දෙවොලක් මුල් කර ගෙන බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් මෙම සිදුවීම වාර්තා වෙනවා.

බිහාරයේ ‘රොහ්ටාස්’ දිස්ත්‍රික්කයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව පවසන්නේ, එම දේවාලය මහා මාර්ගයේ රථ වාහන තදබදයකට හේතු වී ඇති හෙයින් එය එම ස්ථානයෙන් ඉවත් කළ යුතුව ඇති බවයි.

රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුව නිකුත් කොට ඇති අධිකරණ නියෝගය හනුමන් දෙවොලේ ප්‍රතිමාවක අලවා ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් ‘බජ්රාන් ඩාල්’ හින්දු සටන්කාමී සංවිධානයේ සාමාජිකයන් සහ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරිකයන් කියා සිටින්නේ අධිකරණ නියෝගය ඉවත් කර ගන්නා ලෙසයි.

 

IndiaTv310e8c_lord-hanuman-420x294