ඉතිහාසයේ පළමු 20-20 ආසියානු සටන අද ඇරඹෙයි

ඉතිහාසයේ පළමු 20-20 ආසියානු සටන අද ඇරඹෙයි

ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ 13 වැනි අදියර හෙවත් 2016 ආසියානු කුසලාන විස්‌සයි/20 ක්‍රිකට්‌ තරගාවලියේ සමාරම්භක තරගය අද (24 දා) සත්කාරක බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ඉන්දීය කණ්‌ඩායම අතර බංග්ලාදේශයේ මීර්පූර්හි ෙෂ්‍රරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවන් ප.ව. 7 ට ආරම්භ වනු ඇත.

 

ආසියානු කුසලාන ක්‍රිකට්‌ ඉතිහාසයේ විස්‌සයි/20 තරගාවලියක්‌ වශයෙන් පැවැත්වෙන පළමු තරගාවලිය ලෙසින් ඉතිහාස ගත වන මෙවර තරගාවලිය වැඩි වශයෙන්ම ලබන මාර්තු මස ඉන්දියාවේදී පැවැත්වෙන විස්‌සයි/20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට පෙරහුරු තරගාවලියක්‌ ලෙස යොදා ගැනීම සියලුම රටවල ඉලක්‌කය බවට පත්ව තිබේ.

 

පෙරහුරු තරගාවලියක්‌ වශයෙන් යොදා ගන්නේ යෑයි හැඳින්වුවද තරගාවලිය ආරම්භයට පෙර සිටම ඉන්දීය කණ්‌ඩායම මෙම තරගාවලිය තුළදී කරුණු කීපයක්‌ පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කර සිටියි. ඉන් ප්‍රධානම කරුණ වන්නේ ඉන්දීය විස්‌සයි/20 පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි ආබාධයකට ලක්‌ව සිටීම වේ.

 

පිට කොන්දේ ඇතිවී තිබෙන ආබාධයකින් දෝනි පීඩා විඳීම මත අද තරගයට ඔහු ක්‍රිඩා කරන්නේද නැද්ද යන්න ඊයේ සවස්‌ වන තෙක්‌ නිශ්චිත තොරතුරක්‌ වාර්තා කිරීමට බංග්ලාදේශ මෙන්ම ඉන්දීය මාධ්‍ය අපොහොසත් වී සිටියි. කෙසේ වෙතත් දෝනි සඳහා ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පාරතිව් පටෙල්ව බංග්ලාදේශයට කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අද තරගය සම්බන්ධයෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවටද දෝනි සහභාගිවී නොමැති අතර ඒ වෙනුවට විරාත් කෝලි එම අවස්‌ථාවට සහභාගිවී තිබේ.

 

දෝනිට අමතරව 2015 වසරේදී ඉන්දීය කණ්‌ඩායමේ කැපී පෙනෙන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමිද ආබාධයකට ගොදුරුව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්වී සිටීම ඉන්දීය පිලට ප්‍රබල අඩුවක්‌ වනු ඇත.

 

ඉන්දීය කණ්‌ඩායමේ තත්ත්වය එවන් තැනක තිබියදී අවසන් වරට සහභාගිවූ තරගාවලි කිහිපයම සාර්ථකව අවසන් කිරීමට සමත්ව සිටින බංග්ලාද්ශ කණ්‌ඩායම සිය ජයග්‍රාහී රැල්ල මෙම තරගාවලියේද ඉදිරියට රැගෙන යැමේ අභිලාෂයෙන් පසුවේ. ශ්‍රී ලාංකිකයකු වන චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශ කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස පත්වීමත් සමග බංග්ලාදේශ කණ්‌ඩායම කැපී පෙනෙන දක්‌ෂතා දක්‌වමින් ප්‍රබල රටවලට එරෙහිව තරගාවලි පිට තරගාවලි ජය ගැනීමට සමත්විය.

 

බංග්ලාදේශ පිලේ නිත්‍ය ආරම්භක පිතිකරු ටමීම් ඉක්‌බාල්ගේ බිරිඳ කුලුඳුල් දරුවා ප්‍රසූත කිරීමට සූදානම් වීම හේතුවෙන් සත්කාරකයින්ට ටමීම්ගේ දායකත්වය මෙවර තරගාවලියේදී අහිමිවනු ඇත. ඒ වෙනුවට ඉම්රුල් කයිස්‌ කණ්‌ඩායමට එක්‌ව සිටියි. මෂ්රµS මොර්ටාසාගේ නායකත්වයෙන් යුතු බංග්ලාදේශ කණ්‌ඩායමට මහමුදුල්ලා රියාද්, ශකීබ් අල් හසන්, මුෂ්µsකර් රහීම් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වශයෙන් ජවය ලබාදෙනු ඇත.