ලංකාවට ලකුණු 14ක ජයක්

ලංකාවට ලකුණු 14ක ජයක්

Sri Lanka cricketers celebrate after winning their match against United Arab Emirates at the Asia Cup T20 (Twenty20) cricket tournament at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on February 25, 2016. / AFP / MUNIR UZ ZAMAN (Photo credit should read MUNIR UZ ZAMAN/AFP/Getty Images)

ආසියානු කුසලාන පන්දුවාර 20-20 තරඟාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි පැවැති තරඟයෙන් ලකුණු 14ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 

මෙම  තරඟයේ පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව ලකුණු 129ක්.

 

දිනේෂ් චන්දිමාල් ලකුණු 50ක් හා තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් ලකුණු 27 හැරුණුවිට සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් විය.

 

පිළිතුරු වශයෙන් එමීර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 115ක් පමණි.

 

එහිදී ස්වප්නිල් පටිල් ලකුණු 37ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 4ක් හා නුවන් කුලසේකර කඩුලු 3ක් බිඳ හෙලීය.