Facebook, Twitter ප්‍රධානීන්ට IS තර්ජන

Facebook, Twitter ප්‍රධානීන්ට IS තර්ජන

A man is silhouetted against a video screen with a Twitter and a Facebook logo as he poses with an Dell laptop in this photo illustration taken in the central Bosnian town of Zenica, August 14, 2013. REUTERS/Dado Ruvic (BOSNIA AND HERZEGOVINA - Tags: BUSINESS TELECOMS) - RTX12L7W

අයි.එස්. ත‍්‍රස්තවාදීන් ෆේස්බුක් හා ට්විටර් නිර්මාතෘවරුන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.

 

ෆේස්බුක් නිර්මාතෘ, ප‍්‍රධානී මාර්ක් සකර්බර්ග්ට හා ට්විටර් නිර්මාතෘ, ප‍්‍රධානී ජැක් ඩෝර්සිගේ රූප යොදාගත් වීඩියෝවක් මගින් අයි.එස්. ත‍්‍රස්තවාදීන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

 

දිනෙන් දින තම ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ, එ් සඳහා ආධුනිකයන් බඳවා ගන්නා පුද්ගලයන්ගේ, උදව්කරුවන්ගේ ගිණුම් අත්හිටුවීමට මෙම ප‍්‍රධානීන් කටයුතු කරමින් සිටින බැවින් ඔවුන්ගේ අවසානය තමන් විසින් සටහන් කරන බවට අදාළ වීඩියෝව ඔස්සේ තර්ජනය කර තිබේ.

 

එමෙන්ම එලෙස අත්හිටුවන සිය එක් ගිණුමකට දස ගුණයක් ප‍්‍රතිවිපාක විඳීමට සිදුවන බව ද එම වීඩියෝවේ දක්වා ඇත.

 

මෙම වීඩියෝවට අනුව මේ වනවිට ෆේස්බුක් ගිණුම් 10,000ක් සමූහ 150ක් ට්විටර් ගිණුම් 5000ක් අත්හිටුවා තිබේ.

 

ට්විටර් සමාජ ජාලය පසුගියදා නිවේදනය කළේ අයි.එස්.  පතුරුවන ගිණුම් ලක්ෂ එකහමාරක් අත්හිටුවූ බවයි.

 

ඇමෙරිකානු ජනාධිපති බරක් ඔමාබා සියලූම සමාජ ජාල, අන්තර්ජාල මෙහෙයුම් පද්ධති හිමිකරුවන්, නිර්මාතෘවරුන් සමඟ මෑතකදී පැවැත්වූ රහසිගත සාකච්ඡුාවකින් අනතුරුව මෙම ගිණුම් අත්හිටුවීම් අරඹා තිබේ.

 

එම සාකච්ඡුාවේ අරමුණ වී තිබුණේ අයි.එස්.වැළැක්වීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ඇති සියලූ ඉඩකඩ අත්හිටුවීමට ය.