එකම පුද්ගලයෙක් තම පවුලේ දාහතර දෙනකු මරා දමයි

එකම පුද්ගලයෙක් තම පවුලේ දාහතර දෙනකු මරා දමයි

පවුලේ සාමාජිකයන් දාහතර දෙනකු ඝාතනය කොට සිය දිවි හානි කර ගත් පුද්ගලයකු පිළිබඳ ඉන්දියාවේ මුම්බායි නුවරින් වාර්තා වෙයි.

තිස් පස් හැවිරිදි ඉහත කී පුද්ගලයා විසින් මරා දැමුණු පවුලේ සාමාජිකයන් අතර දරුවන් හත් දෙනකු සහ ඔහුගේ දෙමව්පියන් ද සිටින බවයි පොලිසිය කියා සිටියේ.

 

සිය ඥාතීන් නින්දට ගිය පසු නිවසේ දොරගුළු සියල්ල වසා දමා ඔවුන්ගේ ගෙල සිඳ ඇති අස්නින් වරේකර් නමැති පුද්ගලයා පසුව ගෙල වැළලා ගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

 

ඔහු විසින් පවුලේ සාමාජිකයන්ගේ ආහාරවලට මත් ඖෂධ එක් කොට ඇති බවයි වාර්තා වන්නේ.

 

දිවි බේරා ගැනීමට සමත් වූ පවුලේ එකම සාමාජිකයා වන ඔහුගේ නැගණිය උපකාර ඉල්ලා කෑ ගැසීමත් සමග අසල්වැසියන් ඒ පිළිබඳ විමසිලිමත් වී ඇත.

 

ඉඩමක් සම්බන්ධ ආරවුලක් දුර දිග යෑම ඝාතනවලට හේතුව බවයි විශ්වාස කෙරෙන්නේ.