ජයලලිතා වෙනුවෙන් දේවාලයක්‌

ජයලලිතා වෙනුවෙන් දේවාලයක්‌

තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජෙයරාම් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්‌ෂ 50 ක්‌ වැයකර දෙවොලක්‌ ඉදිකිරීමට ඇගේ ආධාරකරුවෝ පිරිසක්‌ සැරසෙති.

 

මේ කටයුත්තේ මූලිකත්වය ගෙන කටයුතු කරන ඒ. ජී. සිරිනිවාසන් පවසන්නේ තමා “අම්මා” (ජයලලිතා) සලකන්නේ දේවතාවියක්‌ ලෙස බවයි.

 

මෙම දෙවොල ඉදිකිරීම සඳහා වෙල්ලෝර් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩමක්‌ද මිලදී ගෙන ඇත.

 

අඩි හයක්‌ උසට ජයලලිතාගේ ලෝකඩ ප්‍රතිමාවක්‌ද මෙහි තැන්පත් කෙරෙනු ඇත.