අයි.ආර්.සී. 45171 ක්‌ රට පුරා

අයි.ආර්.සී. 45171 ක්‌ රට පුරා

රට පුරා ලියාපදිංචි අපරාධකාරයන් (අයි. ආර්. සී.) 45171 දෙනකු සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

 

 

මෙම ලියාපදිංචි අපරාධකාරයන් අතුරින් 975 දෙනකු කාන්තාවන් බව ද එම ආරංචි මාර්ග කියා සිටියි.

 

 

පොලිස්‌ ආරංචි මාර්ග පවසන අන්දමට වැඩිම ලියාපදිංචි අපරාධකරුවන් පිරිසක්‌ සිටින්නේ බස්‌නාහිර පළාතේය. දකුණු සහ මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන ලියාපදිංචි අපරාධකරුවන් වැඩි පිරිසක්‌ සිටින බව ද පොලිසිය පවසයි.

 

 

ගෙවල් බිඳුම්, කොල්ලකෑම්, මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් සහ වැරදිකරුවන් වූ පුද්ගලයෝ මෙම ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්‌තුවට ඇතුළත් වෙති.

 

 

මෙම ලියාපදිංචි අපරාධකරුවන්ගෙන් පිරිසක්‌ බන්ධනාගාරගතව සිsටින අතර වැඩි පිරිසක්‌ සිටින්නේ සාමාන්‍ය ජනතාව අතර බව ද පොලිස්‌ මූලස්‌ථානය පවසයි.