උඩුවේ හිමිගේ විහාරය ගැන වගකීමක්‌ ගන්න බැහැ

උඩුවේ හිමිගේ විහාරය ගැන වගකීමක්‌ ගන්න බැහැ

උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවාසය කරන කිරුළපන ඇලන්මැතිනියාරාම විහාරස්‌ථානය විහාර දේවාලගම් පනත යටතේ ලියාපදිංචි කර නොමැති බැවින් එම විහාරස්‌ථානය සම්බන්ධයෙන් තමන්ට කිසිදු වගකීමක්‌ ගත නොහැකි බවත් එය සාංඝීක දේපළක්‌ද යන කරුණු තහවුරු කළ නොහැකි බවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දක්‌වා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17 දා) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතාට වාර්තා කළේය.

රට තුළ පවත්වාගෙන යන වෙහෙර විහාරස්‌ථානවලට අවශ්‍ය අලි ඇතුන් ලබාදීමට තම දෙපාර්තමේන්තුව කිසිම ආකාරයකින් මැදිහත් නොවන බව සංස්‌කෘතික දෙපාර්තමේන්තුව දන්වා ඇතැයිද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය.

බලපත්‍ර රහිතව අලි පැටවකු ස්‌වාමිත්වයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩුව කැඳවූ අවස්‌ථාවේදී අධිකරණයේ නියමය පරිදි එම දෙපාර්තමේන්තු දෙකින් කැඳවන ලද වාර්තා ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම කරුණු දැක්‌වීම කළේය.