තමිලිනිගේ ජීවිත කතාවට ඉඩදෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

තමිලිනිගේ ජීවිත කතාවට ඉඩදෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

0 306

පිළිකාවක් නිසා මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායිකා සුබ්‍රමනියම් සිවනම් හෙවත් තමිලිනි විසින් රචිත සිය ජීවිත කතාව ඇතුළත් පොත ප්‍රකාශයට පත් කිරීමට ඉඩ දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.
මේ පොත ඇගේ සැමියා වන ජෙයකුමාර් විසින් ඉකුත් 19දා ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව තිබියදී පොලිසිය එහි පිටකවරය වෙනස් කර එහි ඇතුළත් ඡායාරූප කිහිපයක්ද වෙනස් කරන ලෙස ජෙයකුමාර්ට උපදෙස් දී ඇත.
මේ තත්ත්වය මත පොත ප්‍රකාශයට පත්කිරීමට ඇති බාධකය පිළිබඳ ප්‍රවීණ කලාකරුවකුට දැනගන්නට ලැබී ඒ පිළිබඳ ඇමැති මනෝගනේෂන් මහතාව දැනුවත් කළ පසු ඔහු ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු දක්වා තිබේ. මේ පිළිබඳ සිය බලවත් කනස්සල්ල පළ කර ඇති අග්‍රාමාත්‍යවරයා එම පොත ප්‍රකාශයට පත්කිරීමට අවකාශ සලසා දෙන ලෙස ආරක්ෂක බලධාරීන්ට දැන්වීමෙන් පසු එය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගෙන තිබේ.
බි්‍රතාන්‍ය පුරවැසියකු වන ජෙයකුමාර් විසින් ප්‍රකාශයට පත් කළ මෙම පොතෙන් ලැබෙන සම්පූර්ණ ආදායම පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන් වෙනුවෙන් වැය කිරීමට ඔහු තීරණය කර තිබේ.